Posts

Showing posts from October, 2023

විශ්වය අප වෙත විවර වූ දිනය.

Image
අද 2023 ඔක්තෝබර් 04. අදින් හරියටම වසර සියයකට පෙර 1923 ඔක්තෝබර්  04 වන දින රාත්‍රියේ තාරකා විද්‍යාවේ ඉතාම සුවිශේෂී සිදුවීමක් සිදුවුණා. එය විශ්වය වෙත අපගේ දෙනුවන් විවර කිරිමට සමත් වූවා පමණක් නොව සියවස් ගණනක් තිස්සේ විශ්වය පිළිබඳව අප තුළ වූ ගැටළු විශාල ප්‍රමාණයකට විසඳුම් ලබාදෙන්නටද සමත්වුණා.  මේ කතන්දරයේ හරි මැද සිටින පුද්ගලයා එඩ්වින් හබල්. මේ කතාංගය බොහෝ දුරට රඟදැක්වුණේ ඇමෙරිකාවේ කැලිෆෝනියා නගරයේ පිහිටි මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයේ. ඔබ තාරකා විද්‍යාව හා ඒ සම්බන්ධිත ඉතිහාස සංසිද්ධි පිළිබඳව උනන්දු අයෙක් නම් මේ පළමුවන පින්තූරය මෙයට පෙර දැක ඇති. මේ 1923 ඔක්තෝබර් 04 වනදා රාත්‍රී එඩ්වින් හබල් විසින් මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයේ සුප්‍රසිද්ධ අඟල් සියයේ දුරේක්ෂය (Hundred Inch Telescope) හාවිතයෙන් ලබාගත් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ ජායාරූප පුවරුව. එහෙම නැතිනම් H331H ප්ලේට් එක. බොහෝ දෙනා හඳුන්වන පරිදි VAR! ප්ලේට් එක.  මේ VAR! ප්ලේට් එකේ සියවස් අනුසමරණය සැමරීම සඳහා මෙය ලබාගත් මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරය අයත් වන කානගී ආයතනය විසින් පැවැත්වූ දේශණයකට සවන්දීමට මාස කීපයකට කලින් මට හැකිවුණ...