සිකුරුගෙන් උගනිමු...

සිකුරු පොළවෙ සහෝදරිය විදියට හඳුන්වන්නෙ. රෑ අහසෙ දීප්තිමත්වම පේන ග්‍රහලෝකෙ. ඉර බැස්සාමයි ඉර නගින්ඩ කලිනුයි හොඳ එලියකින් පේන ඉරබටු තරුව. ප්‍රමාණයෙන් පෘථිවියට ආසන්නව සමානයි. ස්කන්ධයෙන් පෘථිවියට මඳක් අඩුයි. ජීවය හටගන්ඩ සුදුසු ද්‍රව ජලය පවතින්ඩ ප්‍රමාණවත් තරමින් ඉර එළිය වැටෙන ගෝල්ඩිලොක් සෝන් කියන එකේ මැදම වගේ පිහිටන්නෙ සිකුරු. මේ නිසාම ආදි කාලෙ ඉඳන් සිකුරු කියන්නෙ ජීවයෙන් පිරුණ පෘථිවිය වගේ ග්‍රහලෝකයක් විදියට සැලකුවෙ. සමහරු කිව්වෙ සිකුරුගෙ ඝණ වලාකුළු ස්ථරයට යටින් ජීවයෙන් පිරිච්ච වගුරු ආශ්‍රිත බිම් වල ජනවාස තියෙනව ඇති කියල. අටසිය ගණන් වල විශාල උරග වර්ග එහෙම සිකුරු මත ජීවත් වන බවට උපකල්පන කරපු ප්‍රබන්ධ එහෙමත් ලියවිලා තිබුණා. එක්දාස් නවසිය ගණන් වල මුල්කාලෙ වගේ මිනිස්සු බලවත් දුරේක්ෂ හදන්ඩ ගත්තා. ඒව නිසා ග්‍රහලෝක ගැන වැඩි විස්තර දැනගන්ඩ පුලුවන් වුණා. ඒ වුණත් සිකුරු ගැන එහෙම විස්තරයක් දැනගන්ඩ හැකියාවක් ලැබුණෙ නෑ. සිකුරු හැමවෙලේම සුදු පාට ඝණ වලාකුළු තට්ටුවකින් වැහිල තිබ්බ නිසා සිකුරු පෘෂ්ඨයේ හරිහමන් විස්තරයක් බලාගන්ඩ බැරිවුණා. 1950 වගේ වෙද්දි ප්‍රොපල්ෂන් තාක්ෂණේ දියුණු වෙලා ග්‍රහල...